Posts

Showing posts from January, 2022
Image
              ගගක ඉරනම විටෙක සසල ව විටෙක නිසල ව ගල්පර බාදක මැදින් ගැලුවාය ඈ අවසානයක් සොයාගෙන  සියලු රොන් මඩ හද පතුලෙ සගවාගෙන පුබුදු කලා ය ඈ සුවදවත් මල් ලෝකෙට ඒත් අවසන අයිති වී සයුරට ඇයට ඈ අහිමි ව සදා හැඩුවා ලොවට රහසින....
Image
                 අක්කා එරමිනියා අත්තක් වගේ නිතරම බැලුවෙ කා එක්ක හරි පැටලෙන්නයි තුත්තිරි ඇටයක් වගේ නිතරම බැලුවෙ කාගෙ ඇගේ හරි එල්ලෙන්නයි ඒත් යමෙකුට යමක් වූ විට දුවගෙන ආවෙත්  ලොකු අක්කා හුත දැඩි වූවෙන් හිත උණු වූවෙන්
Image
                 පෙනුම   දුරට සොදුරු ලෙස දිලෙන සද මතට ගියපු සද
Image
                   ගං වතුර දිගින් දිගටම මහ හයියෙන් මහ වැස්සක් වස්සයි දුකින් සයින් ගබඩා කළ කවි පොත් සැම ගිලුනයි සුනාපරන්තය සයුරක් වී සතියක් ගෙව්නයි සහතික ඉරි තීන්ත මැකී නික්මෙන ගොඩ ගැසුවයී
Image
         කලුවරට මං බයයි   කලුවර මැදින් සදවතුර ගලන දිය දහර උණුසුමට ගුලිවෙන සදවතුර තවරාන මල් පුලුට්ටෝ ගල් දෙබොක්කාවෙ මිහුරියට ගී කියන කොවුලාන රෑ හඩන සදවතුර උතුරන වසන්තය නික්ම යන ගෙන්දගම් පොලවකට ඊයම් බරුවකට ලේ ටිකක් පිච්චෙන ලෝදියට ලේ දියක් පත එකට කැලතෙන ලෝක යුද්දයක් පිට කොන්ද පණ නැතිව ලේ වලින් මොල පිරෙන ලෝ පතල සසිරිලක
Image
        නැත අන්  සරණ.... නුබ හැඩ කළ නිමි ඇදුම් ඇගලන්නෙ නොදැන ම කවුරු වුව කම් නැත දවසේ වියදම සරිවේ නම් විසි හතර පෑ නිදිවරා ඒකාකාරී වෙහෙසට දියවෙනා න්බ සවියට සෑහේද පාන් කැබැල්ලට ඉරූ පරිප්පු හොදි ටික.... කන්ටේනර්වල දිගුකමට පුරවන්න මැසූ ඇදුම් ගොඩ ඉගිලෙනා විට ඒරොප්පයට නුබලා දුක පැටවේ ගම රට... යොවුන් සොදුරු බිම් කඩක වැටෙන අදුර වල් බිහිව ඒ තුළ වැද දගලන්න කාට වුව නැත තහනම නැතිව ගිය විට හව්හරණ.... විදුලි වේගයේ හරි හරියට නැටවෙන නුබේ දෑත ගනු කිම ළං කර මා දිවියට
Image
             සරත් කල සුලග සරත් කල සුලග නැග එයී වල වලාවෝ පියාබති තණපත් හා රුක් මියෙන තර සීසීකඩ සරත් කැලෑ පාත්තයෝ ඕකිඩ්,කපුරු මල් පිපි සුවදව පරිසරය සරසයි සදා අමතක නොවන මසිත ගත් ළද සිහි කරමි මම හැඩැති බෝට්ටුවක් පාවේ ලතාවකට,ෆෙන් ගග මැද බෝට්ටුකරුගේ ගී හදට හූ මිටි තබයි බටනළාවක් සහ රබානක් රස මසවුලු වලදමින්, පිළිසදරේ යෙදෙන 'තර හද පාරන සිතුවිලි රොක් වෙයි පෙළින් පෙළ මන්ද යෞවනයේ ආයුශ බිදක්ය ආයුශ තණ අග පිණි බිදක්ය...
Image
                උපාදිය අහවරයි කලු දුම් රොටු අතර පෙනී නොපෙනී යන ගුටු බැට රලු වදන්  සිරි පිරි කොටුවේ දිගු පෝලිමේ රිදුම් දෙන පා යුගට බර දී කර තබා සිව් වසක දෑ වැද්ද බලා ඉමි නෙතු රිදවමින් තවත් බසයක් එන තුරු කොන්ක්‍රීට් විජිතයෙන්  නිල්ල පිරි ගම් දොරට මං එනවා පාන්දරින් දූලි කුණු පිස දමා අලුත් හුස්මක් ගන්න කදු වලල්ලට උඩින් අලුත් ඉර දැක ගන්න මල් චීත්තයක් කර සාලුවක් අරන් දුන් අම්මට අප්පච්චිට හීන පිරි නෙතු අගිසි ආදරෙන් සිප ගන්න මං එනවා අලුත් හේන බිං කොටන්න කැති උදලු මුවහත් තියන් අප්පච්චි 
Image
                  අපූරු පෙම්වතෙක් ඔබ නිමල අරවින්දයක් සොදුරු තඩාගයක පිපී දිලෙන මම සිහින නිම්නයක්  ඔබේ නිකලැල් සිතම මත් කල ඔබ  අපූරු පෙම්වතෙක් ඒ නිම්නයම එකලු කල මගේ නැගණිය සොරා ගත්.....
Image
                    මුහුද යෝද දුඹුරු බල්ලෙකි-කුසගින්නෙ පෙළෙන පෙරළයි දින පුරා වෙරළේ තියුණු දත්වලින් ලැටි ගාමින් වෙරළ-ගර්ජනා කරයි විසුරුවයි-කවඩි ගල්පර කැබලි ඉතුරුවේ කටු-වැළපෙමින් ඌ ලෙවකයි තම ගාත් රුදුරු වෙස් ගත් රාත්‍රී සුලග කලු වලා මත පදියි ඔන්චිලි සළවත උඩු බුරලමින්-ඉව කරයි දඩමට වැල කදු මත තෘණ වැටුණු-මැයි ජූනිවල නිහඩ දිනයක විරාමය තබයි-අමිහිරි රිද්මයට වැතිර වෙරළේ වැලි මත-ගිලෙයි නිහඩ ආගාදයේ හෙලයි අවසන් හුස්ම පොද කෙදිරි ගාමින්
Image
              බත් මුලේ කෙස් ගස කන්තෝරුවේ වරුවක් වෙහෙස ව බත් මුල දිග හරින සද සුදු පැහැති කෙස් ගසක් බත් මාලු පිනි අතර.... බත් මුලේ සුවද පරදාගෙන මවු සෙනෙහේ සුවද වහනය වේ ය ඒ වියපත් කෙස් ගසින්.... මහන්සිද පොඩු පුතේ දැන් කාලා ඉදිං බත් ටික....! කිය ඒ කෙස් ගස මා හට සෙමින්
Image
                 පොතක හදවත ඉල්ලුම බිංදුවයි පුස් වැදුණු-කලු ගැහුණු නෙතට අදුනක් නොවුණු පිටකවර දුටුමතින් අතිත'තින් ඉවතලයි පිටුවෙන් පිටුව පෙරලන ඇතුලත හරය විමසන අරුත පසිදින-රසය හදුනන සුහදයෙකු සොයා අද මට හරිම වෙහෙසයි.......
Image
                         වැස්ස රූරා වැටෙන බිදු අහසේ  සිට  පැමිණෙන  බව දකිමි ඒ බිදු පොළොව වැළදගන්නා  බව  දකිමි නමුදු  පැමිණෙන්නේ කොහි සිට ද? යන්නේ කොයිබට ද
Image
                 සාස්තරේ කාසි පනම් සොයමින් යන             සිදාදියේ මුරුගා බලා දෝ නුබ සිත ඇදී              ගියේ වීණා හඩට සැම දෙසවන් යොමා      තියේ නුබ පමණයි නෙත් මාගේ සොරා       ගියේ සිරියහනක පතිවත මගෙ නැති       වෙච්චි සාස්තරේට නුබෙ වගතුග          හැංගෙච්චි දින සති ගෙවී නවයක් මස් ගත        වෙච්චි අහිගුන්ටික දුවෙක් ලෝකෙට බිහි   වෙච්චි හෙටත් නුවර අහස යටදී             හමුවේදෝ දූගේ පියා නුබ බව කියනට            හැකිදෝ නෝනා හාමු සැප රියෙ හැඩ   පෙන්නයිදෝ දයිවය දූගෙ පැල්පතේම            වැළලේදෝ
Image
                 තවුසෙකු තිමිර පල බිද සිනිදු සුදු කැන් සීත සුලං රොටු තුශර මිහිදුම අතර අතර මග මග හැරුනා  අස්පි ජීවිතය අසංකය කල්ප ලක්ශයක් පාරමී පුරන තවුස් දහමක මහිම තුන කලම දකිනා නුවණ දුක ද නොවෙන සතුට ද නොවෙනා සිත නිවනා සාමයක් බවයෙන් බවය හැදිනගත් පමණ අනගාමී වූ තවුසෙක් කාමබවය මග හැර සොදුරුව
Image
                  යශෝදරා දෙපා සුරත් පියුමන් සදිසියි කියලා දෙපා මුලම වැටිලා පය සිප ගත්තා ඔබේ නිල් මුහුළ දෙරණක විසිර ගියා නීල රැලි නගන ගගුලක සිරි වින්දා එදා රිදී පව්වේ කින්නරිය වෙලා සදා සොදුර ස්නේහෙන් මට තුරුලු උනා විදා සියත් සිකිපිල් මොනරුන් නැටුවා මුදා සදුන් සිහිලස තුරු හිස් වෙලුනා සදුන් අරටු ගෙන සදගිරි පව්වෙ තුලා සිහින් ඇගිලි තුඩකින් ළය පිරි මැදලා රසින් පිරුනු සද දිය දෝතකුත් හෙළා මුවන් ගෙනා මල් මී බට තිළිණ කලා හංස තුඩු ඇති මෘදු වූ මගෙ ළයට චන්ඩ හී සරය දරන්න බෑ සොදුර සංසාරය තුළ නිර්වාණය
Image
         රා කපන්නාගේ සුසුම කප් රුකෙන් ගත් ලේ රුහිරය සුදු පාටයි උණු කළොතින් ලේ පාටයි උණු නොකලොත් මත් වතුරයි ඒත් ඉතිං මං බිව්වොත් මට පාඩුයි අරං යතොත් මං අගනෙයි....
Image
                   හරිත සුව මේ කූඩුවේ රස මසවුල් කොතෙක් තිබුණත් මට රස නැත ඒවා විසල් කැලයේ  ඔබමොබ නිදහසේ ඉගිල යමින් තුරු හිස් මුදුනේ අතු ඉති අග පල බර වූ මිලිකුණ ගිලිනවා තරම්.....
Image
            සාප ලත් ගැහැණිය හිරුට ද පෙර දවස පිළිගෙන මෙහෙවරක යෙදුනෙමි මා දරු පැට වුණගෙ කුසගිනි නිවන්නට කැදැල්ල තනන්නට  වෙහෙසුනා මිස පෙම් බස් නො දෙඩුවෙමි හිමි හා සිතුවෙමි පෙර සේම  රැකෙතියි සෙනෙහස එහෙත් ඔබ බොළද බසින් සනහා ඔහු සොරා ගත්තු මගෙ ලොව සෙනෙහස ගිණි ඇවිලුනා ගෙපැලට දුක් සුසුම් පමණක් ඉතිරි ව මගේ ලෝකය බිලිගත් සාප ලත් ගැහැනිය ඔබ උරුම කලා සදහට තවත් අගනක නෙතට කදුලක්.......