උපාදිය අහවරයි

කලු දුම් රොටු අතර

පෙනී නොපෙනී යන

ගුටු බැට රලු වදන් 

සිරි පිරි

කොටුවේ දිගු පෝලිමේ

රිදුම් දෙන පා යුගට බර දී

කර තබා සිව් වසක දෑ වැද්ද

බලා ඉමි නෙතු රිදවමින්

තවත් බසයක් එන තුරු

කොන්ක්‍රීට් විජිතයෙන් 

නිල්ල පිරි ගම් දොරට

මං එනවා පාන්දරින්

දූලි කුණු පිස දමා

අලුත් හුස්මක් ගන්න

කදු වලල්ලට උඩින්

අලුත් ඉර දැක ගන්න

මල් චීත්තයක් කර සාලුවක්

අරන් දුන් අම්මට අප්පච්චිට

හීන පිරි නෙතු අගිසි

ආදරෙන් සිප ගන්න

මං එනවා

අලුත් හේන බිං කොටන්න

කැති උදලු මුවහත් තියන්

අප්පච්චි 


























Comments

Popular posts from this blog