සාස්තරේ


කාසි පනම් සොයමින් යන             සිදාදියේ
මුරුගා බලා දෝ නුබ සිත ඇදී             ගියේ
වීණා හඩට සැම දෙසවන් යොමා      තියේ
නුබ පමණයි නෙත් මාගේ සොරා       ගියේ

සිරියහනක පතිවත මගෙ නැති       වෙච්චි
සාස්තරේට නුබෙ වගතුග          හැංගෙච්චි
දින සති ගෙවී නවයක් මස් ගත        වෙච්චි
අහිගුන්ටික දුවෙක් ලෝකෙට බිහි   වෙච්චි

හෙටත් නුවර අහස යටදී             හමුවේදෝ
දූගේ පියා නුබ බව කියනට            හැකිදෝ
නෝනා හාමු සැප රියෙ හැඩ   පෙන්නයිදෝ
දයිවය දූගෙ පැල්පතේම            වැළලේදෝ

Comments

Post a Comment

Popular posts from this blog