Posts

Image
                       ශාන්ති 1කොටස                                 පොලොන්නරුවේ මනම්පිටිය මහවැව නම් ගම්මානයේ ජීවත් වූ ශාන්ති ඉතා කටුක ළමා ජීවිතයකට මුහුන දුන් ගැහැනියකි.ඇයට මව පියා සහෝදරියන් දෙදෙනෙකු සහ සහෝදරයෙක්ද විය.ශාන්තිගේ දෙමව්පියන්ටද හරි හාමන් රැකියාවක් තිබුනේ නැත.ගොවිතැන කරමින් එදා වේල හරි හම්බ කරගෙන දුක සේ ජීවිතය ගෙවන්නට විය.ඇයගේ පුංචිකමටම සරිලන යෙහෙලියක් ද විය.ඇය ප්‍රියංකා නම් විය.අවුරුදු දින මාස ගත වෙද්දි ඈ පලමු වසරට ඇතුලත් විය.ලස්සන පොත් බෑග් වතුර බෝතල් ඇයට සිහිනයක් විය.                               ශාන්තිගේ අම්මා කුසුමා විය.අලුයම අවදි වූ ඇය උයන්නට කිසිවකුත් නොමැති නිසා නිවසේම ඇති කල එළදෙනුන්ගෙන් කිරි දොවාගෙනවිත් මුට්ටියට දමා රත් කර ශාන්තිට කතා කළාය.                      "කෙල්ලෙ"                      "ඇයි අම්මෙ"                      "මෙන්න මේ එළකිරි ටික බීලා පලයං..උබ ඉස්කෝලෙ යන පළවෙනි දවසෙ කියලාවත් උයන්න හාල් මිටක් මේ ගෙදර අහලක නෑ.කොහෙද අපේ කරුමෙ තමයි."                                 ශාන්තිගේ අම්මාද අසීමිත ලෙස දුක් කම්කටොලු රැසක ජීවත් වූ කතකි.ප
Image
              ගගක ඉරනම විටෙක සසල ව විටෙක නිසල ව ගල්පර බාදක මැදින් ගැලුවාය ඈ අවසානයක් සොයාගෙන  සියලු රොන් මඩ හද පතුලෙ සගවාගෙන පුබුදු කලා ය ඈ සුවදවත් මල් ලෝකෙට ඒත් අවසන අයිති වී සයුරට ඇයට ඈ අහිමි ව සදා හැඩුවා ලොවට රහසින....
Image
                 අක්කා එරමිනියා අත්තක් වගේ නිතරම බැලුවෙ කා එක්ක හරි පැටලෙන්නයි තුත්තිරි ඇටයක් වගේ නිතරම බැලුවෙ කාගෙ ඇගේ හරි එල්ලෙන්නයි ඒත් යමෙකුට යමක් වූ විට දුවගෙන ආවෙත්  ලොකු අක්කා හුත දැඩි වූවෙන් හිත උණු වූවෙන්
Image
                 පෙනුම   දුරට සොදුරු ලෙස දිලෙන සද මතට ගියපු සද
Image
                   ගං වතුර දිගින් දිගටම මහ හයියෙන් මහ වැස්සක් වස්සයි දුකින් සයින් ගබඩා කළ කවි පොත් සැම ගිලුනයි සුනාපරන්තය සයුරක් වී සතියක් ගෙව්නයි සහතික ඉරි තීන්ත මැකී නික්මෙන ගොඩ ගැසුවයී
Image
         කලුවරට මං බයයි   කලුවර මැදින් සදවතුර ගලන දිය දහර උණුසුමට ගුලිවෙන සදවතුර තවරාන මල් පුලුට්ටෝ ගල් දෙබොක්කාවෙ මිහුරියට ගී කියන කොවුලාන රෑ හඩන සදවතුර උතුරන වසන්තය නික්ම යන ගෙන්දගම් පොලවකට ඊයම් බරුවකට ලේ ටිකක් පිච්චෙන ලෝදියට ලේ දියක් පත එකට කැලතෙන ලෝක යුද්දයක් පිට කොන්ද පණ නැතිව ලේ වලින් මොල පිරෙන ලෝ පතල සසිරිලක
Image
        නැත අන්  සරණ.... නුබ හැඩ කළ නිමි ඇදුම් ඇගලන්නෙ නොදැන ම කවුරු වුව කම් නැත දවසේ වියදම සරිවේ නම් විසි හතර පෑ නිදිවරා ඒකාකාරී වෙහෙසට දියවෙනා න්බ සවියට සෑහේද පාන් කැබැල්ලට ඉරූ පරිප්පු හොදි ටික.... කන්ටේනර්වල දිගුකමට පුරවන්න මැසූ ඇදුම් ගොඩ ඉගිලෙනා විට ඒරොප්පයට නුබලා දුක පැටවේ ගම රට... යොවුන් සොදුරු බිම් කඩක වැටෙන අදුර වල් බිහිව ඒ තුළ වැද දගලන්න කාට වුව නැත තහනම නැතිව ගිය විට හව්හරණ.... විදුලි වේගයේ හරි හරියට නැටවෙන නුබේ දෑත ගනු කිම ළං කර මා දිවියට