සාප ලත් ගැහැණිය



හිරුට ද පෙර
දවස පිළිගෙන
මෙහෙවරක යෙදුනෙමි
මා දරු පැට වුණගෙ
කුසගිනි නිවන්නට

කැදැල්ල තනන්නට 
වෙහෙසුනා මිස
පෙම් බස් නො දෙඩුවෙමි
හිමි හා
සිතුවෙමි පෙර සේම 
රැකෙතියි සෙනෙහස

එහෙත් ඔබ
බොළද බසින් සනහා ඔහු
සොරා ගත්තු
මගෙ ලොව සෙනෙහස

ගිණි ඇවිලුනා ගෙපැලට
දුක් සුසුම් පමණක් ඉතිරි ව
මගේ ලෝකය බිලිගත්
සාප ලත් ගැහැනිය ඔබ
උරුම කලා සදහට
තවත් අගනක නෙතට කදුලක්.......


Comments

Post a Comment

Popular posts from this blog