බත් මුලේ කෙස් ගස





කන්තෝරුවේ
වරුවක් වෙහෙස ව
බත් මුල දිග හරින සද
සුදු පැහැති කෙස් ගසක්
බත් මාලු පිනි අතර....

බත් මුලේ සුවද පරදාගෙන
මවු සෙනෙහේ සුවද
වහනය වේ ය
ඒ වියපත් කෙස් ගසින්....

මහන්සිද පොඩු පුතේ
දැන් කාලා ඉදිං බත් ටික....!
කිය ඒ කෙස් ගස
මා හට සෙමින්

Comments

Post a Comment

Popular posts from this blog