යශෝදරා


දෙපා සුරත් පියුමන් සදිසියි කියලා
දෙපා මුලම වැටිලා පය සිප ගත්තා
ඔබේ නිල් මුහුළ දෙරණක විසිර ගියා
නීල රැලි නගන ගගුලක සිරි වින්දා

එදා රිදී පව්වේ කින්නරිය වෙලා
සදා සොදුර ස්නේහෙන් මට තුරුලු උනා
විදා සියත් සිකිපිල් මොනරුන් නැටුවා
මුදා සදුන් සිහිලස තුරු හිස් වෙලුනා

සදුන් අරටු ගෙන සදගිරි පව්වෙ තුලා
සිහින් ඇගිලි තුඩකින් ළය පිරි මැදලා
රසින් පිරුනු සද දිය දෝතකුත් හෙළා
මුවන් ගෙනා මල් මී බට තිළිණ කලා

හංස තුඩු ඇති මෘදු වූ මගෙ ළයට
චන්ඩ හී සරය දරන්න බෑ සොදුර
සංසාරය තුළ නිර්වාණය





Comments

Post a Comment

Popular posts from this blog