මුහුද


යෝද දුඹුරු බල්ලෙකි-කුසගින්නෙ පෙළෙන
පෙරළයි දින පුරා වෙරළේ
තියුණු දත්වලින් ලැටි ගාමින් වෙරළ-ගර්ජනා කරයි
විසුරුවයි-කවඩි ගල්පර කැබලි
ඉතුරුවේ කටු-වැළපෙමින් ඌ ලෙවකයි තම ගාත්
රුදුරු වෙස් ගත් රාත්‍රී සුලග
කලු වලා මත පදියි ඔන්චිලි සළවත
උඩු බුරලමින්-ඉව කරයි දඩමට
වැල කදු මත තෘණ වැටුණු-මැයි ජූනිවල නිහඩ දිනයක
විරාමය තබයි-අමිහිරි රිද්මයට
වැතිර වෙරළේ වැලි මත-ගිලෙයි නිහඩ ආගාදයේ
හෙලයි අවසන් හුස්ම පොද කෙදිරි ගාමින්

Comments

Popular posts from this blog