ගගක ඉරනම විටෙක සසල ව විටෙක නිසල ව ගල්පර බාදක මැදින් ගැලුවාය ඈ අවසානයක් සොයාගෙන සියලු රොන් මඩ හද පතුලෙ සගවාගෙන පුබුදු කලා ය ඈ සුවදවත් මල් ලෝකෙට ඒත් අවසන අයිති වී සයුරට ඇයට ඈ අහිමි ව සදා හැඩුවා ලොවට රහසින....
Posts
- Get link
- X
- Other Apps
කලුවරට මං බයයි කලුවර මැදින් සදවතුර ගලන දිය දහර උණුසුමට ගුලිවෙන සදවතුර තවරාන මල් පුලුට්ටෝ ගල් දෙබොක්කාවෙ මිහුරියට ගී කියන කොවුලාන රෑ හඩන සදවතුර උතුරන වසන්තය නික්ම යන ගෙන්දගම් පොලවකට ඊයම් බරුවකට ලේ ටිකක් පිච්චෙන ලෝදියට ලේ දියක් පත එකට කැලතෙන ලෝක යුද්දයක් පිට කොන්ද පණ නැතිව ලේ වලින් මොල පිරෙන ලෝ පතල සසිරිලක
- Get link
- X
- Other Apps
නැත අන් සරණ.... නුබ හැඩ කළ නිමි ඇදුම් ඇගලන්නෙ නොදැන ම කවුරු වුව කම් නැත දවසේ වියදම සරිවේ නම් විසි හතර පෑ නිදිවරා ඒකාකාරී වෙහෙසට දියවෙනා න්බ සවියට සෑහේද පාන් කැබැල්ලට ඉරූ පරිප්පු හොදි ටික.... කන්ටේනර්වල දිගුකමට පුරවන්න මැසූ ඇදුම් ගොඩ ඉගිලෙනා විට ඒරොප්පයට නුබලා දුක පැටවේ ගම රට... යොවුන් සොදුරු බිම් කඩක වැටෙන අදුර වල් බිහිව ඒ තුළ වැද දගලන්න කාට වුව නැත තහනම නැතිව ගිය විට හව්හරණ.... විදුලි වේගයේ හරි හරියට නැටවෙන නුබේ දෑත ගනු කිම ළං කර මා දිවියට
- Get link
- X
- Other Apps
සරත් කල සුලග සරත් කල සුලග නැග එයී වල වලාවෝ පියාබති තණපත් හා රුක් මියෙන තර සීසීකඩ සරත් කැලෑ පාත්තයෝ ඕකිඩ්,කපුරු මල් පිපි සුවදව පරිසරය සරසයි සදා අමතක නොවන මසිත ගත් ළද සිහි කරමි මම හැඩැති බෝට්ටුවක් පාවේ ලතාවකට,ෆෙන් ගග මැද බෝට්ටුකරුගේ ගී හදට හූ මිටි තබයි බටනළාවක් සහ රබානක් රස මසවුලු වලදමින්, පිළිසදරේ යෙදෙන 'තර හද පාරන සිතුවිලි රොක් වෙයි පෙළින් පෙළ මන්ද යෞවනයේ ආයුශ බිදක්ය ආයුශ තණ අග පිණි බිදක්ය...