ශාන්ති

1කොටස

                                පොලොන්නරුවේ මනම්පිටිය මහවැව නම් ගම්මානයේ ජීවත් වූ ශාන්ති ඉතා කටුක ළමා ජීවිතයකට මුහුන දුන් ගැහැනියකි.ඇයට මව පියා සහෝදරියන් දෙදෙනෙකු සහ සහෝදරයෙක්ද විය.ශාන්තිගේ දෙමව්පියන්ටද හරි හාමන් රැකියාවක් තිබුනේ නැත.ගොවිතැන කරමින් එදා වේල හරි හම්බ කරගෙන දුක සේ ජීවිතය ගෙවන්නට විය.ඇයගේ පුංචිකමටම සරිලන යෙහෙලියක් ද විය.ඇය ප්‍රියංකා නම් විය.අවුරුදු දින මාස ගත වෙද්දි ඈ පලමු වසරට ඇතුලත් විය.ලස්සන පොත් බෑග් වතුර බෝතල් ඇයට සිහිනයක් විය.
                              ශාන්තිගේ අම්මා කුසුමා විය.අලුයම අවදි වූ ඇය උයන්නට කිසිවකුත් නොමැති නිසා නිවසේම ඇති කල එළදෙනුන්ගෙන් කිරි දොවාගෙනවිත් මුට්ටියට දමා රත් කර ශාන්තිට කතා කළාය.
                     "කෙල්ලෙ"
                     "ඇයි අම්මෙ"
                     "මෙන්න මේ එළකිරි ටික බීලා පලයං..උබ ඉස්කෝලෙ යන පළවෙනි දවසෙ කියලාවත් උයන්න හාල් මිටක් මේ ගෙදර අහලක නෑ.කොහෙද අපේ කරුමෙ තමයි."
                                ශාන්තිගේ අම්මාද අසීමිත ලෙස දුක් කම්කටොලු රැසක ජීවත් වූ කතකි.පියාටද හරි හාමන් රැකියාවක් නොවූ නිසා ගෙදර අග හිගකම බොහෝ විය.විටින් විට ඇගෙ මව සහ පියා අතරද අඩදබරකම් ඇති වන්නට විය.
                                උදෑසනින්ම අම්මා සමග පාසලට යාමට පිටත් වූ ශාන්ති පසුදින සිට තනිව යන්නට පුරුදු විය.නිවසේ සිට පාසලට කිලෝමීටර දෙකක් පමණ දුර විය.දෙවෙනි දින සිට මල් වැටුනු පුංචි ගවුමක් ඇදගෙන ඈ පාසල් යන්නට සැරසුනාය.කෑමෙන් අගහිගකම් ඇති ශාන්ති එදිනද අම්මා පිළියෙල කර දුන් එළකිරි කෝප්පය බී
පාසල් යන්නට පිටත් විය.
අම්මා තම දියනියට කතා කරයි.
                              "කෙල්ලෙ තනියම යන්න පුලුවන්ද
මට මල්ලියි නංගිලයි එක්ක උබව ඇරලවන්න එන්න අමාරුයි.පාර අයිනෙන් පලයං පරිස්සමට."
                               කෝටුවක් අතට ගෙන උඩ පැන පැන පදුරුවලට තට්ටු කරමින් ඇය අම්මාට "හා අම්මා මට පුලුවන්"කියා පාසලට පිටත් විය. දහවල විවේක වේලාවේදී අනෙක් ළමින් ආහාර ගන්නා විට පුටුවක වාඩි වී පාසලෙන් දෙන බිස්කට් එකින් එක රස බැලීමට පුරුදුව සිටියාය.පාසල් අවසන් වන වේලාවට ගේට්ටුව අසල ළමුන් රැගෙන යාමට පැමිනි දෙමාපියන් පොර කමින් තමාගේ දරුවා රැගෙන යයි.ඒ අතරින් රිංගා පාරට පනින ශාන්ති තනිව තම නිවසට යයි.ශාන්ති ටිකෙන් ටික උස් මහත් විය කාලය ගතවත්ම ප්‍රියංකා නම් යෙහෙළිය ද එම පාසලට ඇතුළත් විය .දැන්නම් පෙර තිබු පාළුව තනිකම පහව ගොස් ඇත. ප්‍රියංකා පදිංචි වී සිටිය ශාන්තිගේ නිවසක් සමග අල්ලපු ඉඩමේය .පසුදින දෙදෙනාම පාසලට පිටව ගියේය. ශාන්තිට වඩා ප්‍රියංකාට යමක් කමක් තිබුණි.පාසල් ඇරී ගෙදර එන යෙහෙළියන් දෙදෙනා කෙළි සෙල්ලම් කරමින් පාරේ ඒ මේ අත ගමන් කරයි.
                 "ශාන්ති මම යනවා එහෙනම් බායි" 
                 "හරි ප්‍රියංකා බායි ඇඳුම් මාරු කරගෙන එන්න ආපේගෙවල් පැත්තේ" 
                " හරි හරි මම එන්නම්" කියා දෙදෙනාම  නිවස බලා පිටත් විය.
                           කෑමට ඇත්තේ මොනවාද එය ආහාරයට ගැනීමට ඈ පුරුද්දක් කර ගෙන සිටියාය..  අම්මා දවල් කෑම සූදානම් කර ඇත.එඅක දවසක මුරුන්ගා හොදිද අනෙක් දවසේ මුරැංගා සුරා තෙල්  දමා ආහාරයට ගැනීම පුරුද්දක් කර ගෙන සිටියාය.තාත්තා මොනයම් හෝ කුලියට ගිය දින කෑම වේලට මාළු කෑල්ලක් මස් කෑල්ලක් එකතුවේ . ශාන්තිගේ නිවස පිටුපස සිමෙන්තියෙන් බඳින ලද ළිදක් හා  ටැංකියක් ද විය.අවුරුදු දාහතරක වයසින් පරිපූර්ණ වූ ඇය පාසල් ඇරී ඒ පැත්තට තමා දැන් වතුර ද අම්මට සහ මල්ලිට නංගිලාට උදව් වන්නට විය.නංගිලා දෙදෙනා හා මල්ලි ඇයට වඩා අවුරුදු කීපයකින් බාල විය. එකම වයසේ දරුවන් හතර දෙනෙකු හදා වඩා ගැනීම ඇගේ දෙමාපියන්ට බරක් විය. නමුත් කෙසේ හෝ ජීවිතය ගැටගසා ගැනීමට ශාන්තිගේ තාත්තා උත්සුක විය. සවස වැඩ ඇරී පැමිණෙන තාත්තා ශාන්තිට කතා කර ඔහුගේ අත් පා වේදනා පහකර ගැනීමට බාම් ආලේප කරවා ගනී. ඔහු නමින් ඩේවිඩ් විය.
                     "ලොකු කෙල්ලෙ" 
                     " ඇයි තාත්තෙ" 
                     " පොඩ්ඩක් මෙන්න මෙහාට වරෙන්කො මගේ මේ අතපය කැක්කුමයි ටිකක් තදින් අතගාපන්කො" 
                           ශාන්ති එය පුරුද්දක් කරගෙන සිටියේය.
                          රෑට මොනවා හෝ කෑමක්ගෙන නින්දට යන්නට පුරුදුව සිටියහ. රාත්‍රී අට පමණ වන නින්දට යන ශාන්ති පාසල් වැඩකටයුතු ගැන එතරම් උනන්දුවක් නොදැක්වීය.එය විමසා බැලීමට ද ඇගේ දෙමව්පියන්ට උවමනාවක් නොවීය. ශාන්ති කෙමෙන් උස් මහත් වෙයි. ගෙදර අගහිගකම් බොහෝය. ඒවා ටික දැනෙන්නට ගනී ප්‍රියංකාට ද මනා පෙනුමකින් යුත් පාසල් යන මැදි වියේ දැරියක් වූවාය. ප්‍රියංකා සමග පාසල් නිමාවී පාරේ ගමන් කරන අතරතුර  අසල පත්තර කඩේට ගොඩ වැදුන ඇය කාරණය කුමක් ද යන්න ප්‍රියංකාට දන්වා නොතිබුණ ද ඇයද ශාන්ති පසුපසම කඩේට ගොඩවැදුනි. කඩේ සිටි මහළු මිනිසා සමඟ ශාන්ති කතා කළාය.
                            "සීයේ මට කාරනයක් දැන ගන්න පුලුවන්ද"
                            "ඔව් කියප්ං කෙල්ලෙ මොකක්ද"
                            "මට පුලුවනි ලස්සනට ඉටිරෙදි මල් හදන්න ඒවා හදලා ගෙනත් දුන්නොතින් සීයාට පුලුවන්ද මට ඒවා මේ කඩේ තියලා විකුනලා කීයක් හරි දෙන්න"
                                     ඇගේ බැගෑපත්බවට ප්‍රතික්ශේප වීමට ඔහුට නොහැකි විය.
                           "එහෙනං ගෙනත් තියපංකො කෙල්ලෙ විකිණුනොත් මම ඒ ගාන උබට දෙන්නම්"
ශාන්ති ඉමහත් ලෙස සතුටු විය.කාරණය වැටහුන ප්‍රියංකාද ශාන්තිසමග සතුටු විය.ප්‍රියංකා මෙසේ කීවේය "ශාන්ති මටනම් සතුටුයි.මම ඔයාට උදව් කරන්නම් ඉටිරෙදි මල් හදන්න." මහත් ලැජ්ජාවක් සමග ශාන්ති  "හා" යැයි ප්‍රතිචාර දැක්විය. ශාන්තිය මල් හදන්න ඉගෙන ගත්තෙ ලයිසා නැන්දාගෙන්. ඈ පාසල් නිවාඩු දිනවල සමහරක් දාට ලයිසා නැන්දාගේ ගෙදරට යයි.ඇය ඉටිරෙදි මල් සාදනවා බලා හිද  උදේට දවල්ට ලයිසා නැන්දා බෙඳලා දෙන බත් පත කා සවස් යාමේදී ගෙදරට පැමිනෙයි. පාසල් ඇරී ගෙදර ආ ශාන්ති තම අම්මා  අත්  කීපයකින්ම ගෙදර මෙහෙවර කරන මෙහෙකාරියක ලෙස දුටුවාය. ඇය වහා පොත් බෑගය පසෙක තබා ඇඳුම් ගලවා වීසිකොට අම්මාට උදව්විය. ටිකෙන් ටික රෑ බෝවීගෙන එන විට ඇගේ මනසට නැගෙන්නේ තම යෙහෙළිය සමග පත්තර කඩේන් විමසූ කතාවයි. ඉටිරෙදි මල් හදන්නද ගෙදර පේන මානේ ඉටිරෙදි  කෑල්ලක් නොතිබුණේ ය. මැට්ටියේ සිදුරකට ගසා තිබුණ ඉටි රෙදි කැබැල්ල ගලවාගෙන නිවස ළඟම ඇති ප්‍රියංකා නිවසට ගොස් කම්බි කෑලි කීපයක් ගෙන ගොස් රාත්‍රී කාලයේ පුරාම නොනිදා පුංචි මල් පොකුරක් නිර්මාණය කළාය. අම්මා සහ තාත්තා ද මහත් ලෙස එය අගය කළේය.
                                  පසුදින මහත් උද්‍යෝගයෙන් අවදි වූ ඇය පොඩි වූ සුදු ගවුම ඇදගෙන තම්බපි බඩ ඉරිගු පොල් සමග මිශ්‍රකොට කා උදේම නිවසින් පිට වූයේ තමා සෑදූ මල් කිනිත්තද රැගෙනය.ප්‍රියංකා එය දුටු සැනින් එහි ලස්සන වර්ණනා කරන්නට විය.
                                "අනේ ඒක හරිම ලස්සනයි"
                                "මේක විකුණා ගන්න පුලුවන් වෙයිද ප්‍රියංකා"
                                "අනිවාරෙන්ම පුලුවන් අපි බලමුකො"
                             මල් කිනිත්තත් සමග පත්තර කඩේට ගොඩ වැදුනු ඔවුන් දෙදෙනා දුටු මහලු මිනිසා ඔවුන්ට කතා කලේය.
                                "ළමයි උදේම අරන් ආවද හා තියලා පලයංකො මම මේක අලෙවි උන හැටියෙ උබේ සල්ලි තියලා තියන්නම්."
                                "හා සීයෙ ගොඩක් ස්තූති"කියා දෙදෙනාම පාසලට නික්ම ගියේය.
දවස් දෙක තුනකට පසු පත්තර කඩය අසලින් පාසල් යන ශාන්තිට මල් පොකුර පෙනෙන්නට තිබුනේ නැත.ශාන්ති පාසල් ඇරී පත්තර කඩයට දිව ගියාය.ඇය මහලු මිනිසාට කතා කලාය.
                               "සීයේ මගේ මල් පොකුර විකිණුනාද"
                               "ඔව් ළමයෝ ඒක විකිණුනා.අහ් ඉදා උබට සත හැත්තෑවක්.හැකිනම් තව මල් පොකුරු හදන් වරෙං.මං උබට අලෙවි කොරලා සල්ලෙ දෙන්නම්."
                              "හා සීයෙ ගොඩක් ස්තූති"
                                 ඒ ලැබුන මුදල් වලින් ඉටිරෙදි මීටර් කිහිපයක් ද කම්බි ද රැගෙන ප්‍රියංකා සමග නිවසට පැමිණියාය. ප්‍රියංකාගේ උදව්වෙන් පාසල් ඇරී පැමිණෙන සෑම දිනකම සවස් යාමයේ මල් සෑදීම ඔවුන් පුරුද්දක් කරගෙන සිටියේය. ඇය සාදා දෙන මල් හොඳින් අලෙවි විය. මහත් ලාභයක් නොතිබුණ නමුත් එදාවේලට සරිලන හාල් මිට ඇයට කඩයෙන් මිලදී ගැනීමට හැකිවිය. ඉන්පසු ඇය ඉගෙනීමට වඩා මල් සෑදීමට ආසා කළේය.


2 කොටස  

                       මෙසේ කාලය ගෙවී යද්දී ශාන්තිට එම පාසලෙන් වෙන්වී තම මවගේ ගම් පළාතට යන්නට සිදුවිය. අම්මා,තාත්තා යෙහෙළිය, සහෝදර සහෝදරියන් මේ සැමගෙන් වෙන් වීම ඇයට දරාගත නොහැකි විය. තාත්තගේ බල කිරීමට පාසැලෙන් අස්වී කෑගල්ලේ මවගේ මහ ගෙදරට එන්නට සිදුවිය. මෙසේ ගෙදර අතහැර යාමට සිදු වූයේ කොටි කලබල සමග වැඩිවියට පැමිණි ගැහැණු දරුවෙකු තාත්තා නිවසේ ආරක්ෂාවක් නොමැතිව තියාගන්න අකමැති විය. යෙහෙළිය ප්‍රියංකා හැඬූ කඳුළින් බසය ළඟට ආවාය.
                        "ශාන්ති මාව දාලා යන්න එපා මට යාලුවෙක් නැති වෙනවා" 
                            මා ද හැඩූ කඳුලින් ඇයගේ හිත හැදුවා ය.
                        "මම ඉක්මනට එන්නම් ඔයා පරිස්සමින් ඉන්න ප්‍රියංකා."
 මා ඇයට සමු දුන්නේ ඒ අයුරිනි.
                            අම්මාද තාත්තාද දුක තුරුලු කරන් සිටිබව මගේ සිතට මනාව වැටහිනි.අම්මා බසය ළගදී මා බදාගෙන හඩන්නට විය. 
                          "කෙල්ලෙ පරිස්සමින් ඉදපං සුමානෙකට සැරයක් එන්නම් උබව බලලා යන්න.උබට බුදු සරණයි."
                          "මම් ගිහින් එන්නම් අම්මෙ"
                                  කියා මා අම්මාට සමු දුන්නේය.
                              තාත්තා සමග බසයට නැග්ග ඈ කෑගල්ලේ අම්මාගේ මහ ගෙදරට පැමිණියේය.එහි අම්මාගේ සහෝදර සහෝදරයින් එනම් ශාන්තිගේ මාමලා අට දෙනෙකු සහ නැන්දලා දෙදෙනෙකු විය.ඔවුන් ඇයව  පිළි ගත්තේ මහත් සතුටකිනි.ඇගේ අම්මාගේ අම්මා 'ආච්චි'ශාන්තිගේ කම්මුලට හාදුවක් දී ඈ ආදරයෙන් පිළි ගත්තා.නැන්දලා දෙදෙනා නිදා ගන්නා කාමරයේ ඇයටද පැදුරල් දමා පිළිසකර කර තිබුනි.කෑම කා අවසන රාත්‍රී නින්දට වැටුනු ඇයට නින්දක් නොමැතිව දෙලොවක් අතර අතරමං වූවෙකු ලෙස හැගෙන්නට විය.ඇගේ තාත්තා පහුවදා උදේම පොළොන්නරුවේ නිවස බලා පිටත් උනා.කාලයත් සමග අම්මාගේ මහ ගෙදර ඇගේම තැනක් ලෙස ඈට දැනුනි.මාමලා ,නැන්දලා, අච්චී,සීයා ,ගම්මුන්ද ඇතුළත්ව  සෙනග පිරි නිවසක් විය.ඇගේ පාලුව තනිකම කෙමෙන් අකා මකා ගියා.ඈට ප්‍රියංකා සිහියට නැගුනු අවස්තා නැතුවාම නොවේ.ඉන්පසු ඇයව කෑගල්ලෙ ගමේ පාසලට ඇතුළත් කලේය.තාත්තා මහන්සියෙන් හරි හම්බ කල මුදලින් සුදු ගව්මක්,බෑග් එකක්,පොත් සහ සපත්තු දෙකක් ගන්න ආච්චිට මුදල් එවා තිබුනි.පාසලේ සතියක් දෙකක් ගත් වත්ම දේවිකා නම් යෙහෙළිය ඇයට හමු විය.කැගල්ල,ගලිගමුව,බෝයගම ග්‍රාමයේ පිහිටි ග්‍රාමිය පාසලට බොහෝම සතුටින් ඇය දේවිකා සමග ගියා.පාසලට යාමට තිබුනේ රබර් වත්තක් මැදින් කිලෝමීටරයක් පමණ වු පුංචි අඩි පාරකය.කුමන පාසලට ගියත් ඇයගේ අධයාපන මට්ටම ගැන උරගා බලන්න කිසිවෙකු නොසිටියහ.එම නිසා ඇය ඉගෙනීමට දුර්වල පැත්තකට බර විය.ශාන්තිගේ අම්මාගේ මහ ගෙදර සිටි මාමලා සහ නැන්දලා අතරෙන් කිහිපදෙනෙකු විවාහ වී සිටියේය. ශාන්තිගේ ආච්චි සහ සීයා ද ඉතා දුක්බර ජීවිතයක් ගෙවන්නට විය. බොහෝ වේලාවට ආහාර වේල සරි කර ගන්නේ කොස් ,දෙල්, අල වර්ග වලින්. මාමලාට ද ස්ථිර රැකියාවක් නොතිබුණු අතර කෙතරම් අගහිඟකම් තිබුණ ද ශාන්ති නිවසේ රඳවා ගැනීමට කිසිවකු අකමැති නොවීය. ඇය එහි වාසය කළ බාලයා වීම එයට හේතු විය. ශාන්ත ගොඩක්ම ඇගෑලිකම් පෑවේ තම ආච්චී සමග. ඇය පාසල් ඇරී ගෙදර එන විට ආච්චි දවල් ආහාරය පිළියෙල කර තිබුණි.
                      "කෙල්ලෙ මාමලා  නැන්දලා  එක්ක ඇවිත් කාපන් මෙන්න මෙහෙම උයලා අහවරයි".                                ශාන්තිය පිලිතුරු දුන්නාය. 
                        "ආච්චි මම එන්නම් ඉක්මනට" 
                          කියා ඇය පාසල් අදුම් මාරු කර කුස්සියට ගොඩ වැදුනි. දකින්නට ලැබුනේ පිගන් පුරවන ලද කොස් බඳුනක්ය.ඇගේ මුහුන මඳක් ඇඔුල් විය. නමුත් පොළොන්නරුවේ ගතකළ ජීවිත ට වඩා හොඳ යැයි සිතා  දවල් ආහාරය ගත්තා.
                         ඇය නිවාඩු දිනවල යහළුවන් සමග දර හොයන්න රබර් වතු වලට යන්නට පුරුදුව සිටියා. සමහර දිනවල ආච්චී සමඟ රබර් රොටී කඩවලට දාන්න යන්නත් පුරුදුව සිටියා. තම අම්මාගේ මහ ගෙදර තමාගේ නොවුණත් පිරිසිදු කර පිළිවෙළකට තබා ගත්තා. නිවාඩු දිනවල මල්පැල සිටුවන්නට පටන් ගත්තා. සවස් වන තුරුම ඇය එකම කාරියේ නිරත වූනා. ආච්චි ඇයට කතා කළා ය.
                            "කෙල්ල මෙන්න මෙහෙට ඇවිල්ලා දවල්ට කාලා ඉදපං ඔය අව් කාස්ටකේ මල් හදන්න බෑ මේ කොස් ටික කාපන් ඇවිත්"
                           "හරි ආච්චි මම එන්නම් තව ටිකකින්"
                          "අනේ මන්දන්නෑ මේකිට පුදුම මල් පිස්සුවක් තියෙන්නෙ" යි කියා නැවතත් ගෙට ගොඩවැදුනි.
                             ශාන්ති මල්වලට බෙහෙවින් ආසා කළා. කැලේ තියෙන මල් පිපෙනු ලස්සන ගස් පවා ගුල්ලා ගෙන තම මල් පාත්තිය පැළ කිරීම පුරුද්දක් කර ගෙන සිටියා. අවුරුද්දක් පමණ කාලය ගතවෙද්දී ඇයට නැවතත් එම පාසලෙන් ඉවත් වූ පොළොන්නරුවට යන්නට සිදුවීය. ඒ නංගිලා දෙන්නා සහ මල්ලි බලාකියා ගැනීමට අම්මට තනිවම නොහැකි වූ නිසාය.


3කොටස

                           නැවතත් ඇගේ පුරුදු යෙහෙළිය ප්‍රියංකා හමුවිය. ඔවුන් දෙදෙනා පුරුද්දක් වශයෙන් හැමදාම හවස කැලේ අඩිපාර මැදින් වැටී තිබුණු වැවට නාන්නට ගියා. නංගිලා දෙදෙනා සහ මල්ලිද අප දෙදෙනා සමග වැවට ආවා. යන පාර දෙපස ඇති මාදං,දිවුල්,එරමිණියා රසවිඳිමින් නෑම අහවර කර ගෙදර පැමිණෙන විට පාර නොපෙනෙන තරමට ම කළුවර වී තිබුනා. නැවතත් ශාන්ති එකොළහ වසරට ඇතුලත් කලේ පොළොන්නරුවේ පාසලට ය. ඇය පෙර පරිදිම ප්‍රියංකා සමග පාසල් යාම පුරුද්දක් කරගත්තා. පවුලේ අඟහිඟකම් සමග ශාන්තිගේ අම්මා සහ තාත්තා වේවැල් කූඩ වියන්නට පටන් ගත්තා. ඇය ද ඒවාට උදව් වුණා. ඇය අම්මා තාත්තා සමග එකතු වී වත්තේ එළවළු පැළ වගා කළා. එම නිසා කෑම බීම වලින් තිබුණු අඩුපාඩුව කෙමෙන් අකා මකා ගියා.කාලය ගත වෙත්ම  සාමාන්‍ය පෙළ විභාගය ළං විභාගයට යන්නට ලෑස්ති උනා. ඇය සම්බෝලයක් සමඟ අම්මා කැවූ බත් පත කටට දෙකට කා අම්මාට තාත්තාට වැද විභාගයට යන්නට සූදානම් විය. 
                  "කෙල්ලෙ හොදට ලියපං" තාත්තා කිව්වා. ඇය ප්‍රියංකා සමග පාසලට පිටවූයේ විභාගය ගැන එතරම් බලාපොරොත්තු නොමැතිව. කාලය ගත වෙත්ම විභාග ප්‍රතිඵල නිකුත් විය. සාමාන්‍ය වැඩ හයක් සමඟය විභාගය සමත් වූ ඇය  දෙවරක් විභාගය කරන්න තරම් ම වියදම් කරන්න කිසිවෙකු නොසිටියහ. ඇයට දිනක් අම්මා සහ තාත්තා අතර සිදුවූ කතාබහ කරන්නට වැදුනා.                          "දූලගේ අම්මේ මම මේ කල්පනා කරේ කෙල්ලගේ විබාගෙ ලකුණු මදි ආයෙ  විභාගය ලියන්න සල්ලි වියදම් කොරන්න මට විදිහක් නෑ  ඒ නිසා අපේ මල්ලිගේ සැලුන් එකේ වැඩ පුරුදු කරන්න යවමු කෙල්ලව එකි එකෙන්වත් මොකක් හරි ඉගෙන ගනීනෙ"
                   "ඒ අදහසනම් හොදයි දූලගෙ තාත්තේ.කෙල්ලට අපිට පාර පෙන්නන්න වෙන විදිහක් නෑ.අතේ සතේ නැතුව අපි කොහොමද ඒ කෙල්ලව දීග දෙන්නේ."
                            මේ අයුරින් ඇයට නැවතත් අම්මාගේ ගමට යන්නට සිදුවිය. ඇයගේ තාත්තගේ මල්ලි එනම් ශාන්තිගේ බාප්පා ද වාසය කළ ඒ ගමේම ය. තාත්තා සමග ශාන්ති තම බාප්පා හමුවීමට ගියේය. ශාන්තිගේ තාත්තා බාප්පා සමග කතාබහක යෙදුනා.
                       "මල්ලි අපේ කෙල්ලට ටිකක් ඔය සැලොන් වැඩ පුරුදු කරපංකො. මේකිට ආයෙත් විබාගේ කරවන්න මට සක්තියක් නෑ. මේකි ඕක හරි ආසාවෙන් ඉගෙන ගනියි." 
එයට බාප්පා ක්ෂණයෙන් එකඟවිය. 
                       "මොකද බැරි අයියේ මම කෙල්ලට වැඩ පුරුදු කරන්න කරන්නන් දවසක මේකේ සැලොන් රස්සාව ලස්සනට කරයි නේද කෙල්ලේ."
                          කියමින් බාප්පා ශාන්ති දිහා බලන විට ඇය සිනා සී බිම බලා ගත්තාය. පහුවදාට ආච්චි සකස් කර දුන් බත් පතත් රැගෙන ශාන්ති බාප්පාගේ සැලොන් එකට වැඩ පුරුදු වීමට ගියා. කාලය ගතවත්ම  ටිකෙන් ටික ශාන්තිගේ අත මුදල් ගැවසුනි. යුද්ධය දරුණු වනවාත් සමගම ඇගේ අම්මා ඇතුලු පවුලේ සියලු දෙනා එක්ක රැයක් කැලෑවේ රැය පහන් කලේ තම දරු පැටව් ටික රැක ගැනීමට ය. පහුව දා උදාසන ම නැවත තාත්තා,අම්මා, නංගිලා සහ මල්ලී සමඟ ශාන්ති සිටින අම්මාගේ මහ ගෙදර පැමිණියා. කාලය ගතවෙද්දී ශාන්ති ප්‍රේම සම්බන්ධතාවක පැටලුනා. ඇය රූමත් කාන්තාවක් වූ නිසා බොහෝ දෙනාගේ සිත් ඇදගන්නා තරුණියකි.ඇගේ පෙම්වතා ගුරුවරයකු විය. ඔහු සමඟ ශාන්ති විවාහය වුනා.තරමක් දුරට තම පවුල් ජීවිතය  ජයගෙන දරුමල්ලන් සමඟ ජීවත් විය. නොහොඹිනා දුක් විඳි ඇය දැන් සැපසේ කාලය ගෙවයි.

Comments

Popular posts from this blog